Friday, September 21, 2012

Sunday, August 5, 2012

අලිමාමා

මම පොඩිකාලෙ ඉඳන්ම ආසම සතා තමයි අලියා. උගේ රෙස්පෙක්ටබල් ලයිෆ්ස්ටයිල් එකටයි දඩාර් සයිස් හුරතල් ලුක් එකටයි මං සෑහෙන්ඩ ආසයි. අපි පොඩි කාලෙ අපේ ගෙවල් පැත්තෙ කීප පොලකම හීලෑ අලි හිටියා. ඔහොම එහෙමෙහෙ කරග්ගහන අලි නාවන පොට් එකකුත් අපේ ගෙවල් පල්ලෙහා තිබුනා.

ඔය පොට් එකට අලියෙකුත් එක්කගෙන එන බොහොම ෆෙරෙන්ඩ්ලි අලිමාමා කෙනෙකුත් හිටියා. ඩයල් එක පොඩි ළමයිත් එක්ක මාර එකතුයි. අලියා යන එන පාරෙ අයිනට වෙලා බලාගෙන ඉන්න පොඩි එවුන්ට මොකක්හරි කෝචොක් එකක් කරගෙන යන එක ඩයල් එකේ සිරිතක් වෙලා තිබුනා. ඉතින් ඔය අලිමාමාගේ කෝචොක් එකට භාජනය වෙන පොඩි එවුන් සෙට් එකේ එක් පොඩි එකෙක් තමයි මේ මමතුමා.

අලිමාමා ඩයල් එක දවසක් මට පොරොන්දු උනා මට අලි බිත්තරයක් ගෙනත්දෙනවා කියලා. අලියා වනාහි ක්‍ෂීරපායී සත්වයෙක් කියන එක දැනං නොහිටපු මමතුමාත් ඉතින් අලි බිත්තරේ ගෙනත් දුන්නහම ඒක රැකලා පොඩි අලි පැටියෙක් එහෙම හදාගෙන ඌගෙ පිටේ නැඟලා ඩයල් එක වගේ ඉස්කෝලෙ යනහැටි එහෙම චිත්තරූප මවාගෙන හිටියා. පස්සෙ බැලින්නං මේ අලිමාමා ඩයල්එක මට විතරක් නෙමෙයි අපේ පැත්තෙ තවත් පොඩි එවුන් සෙට් එකක්ම මේ ආකාරයට බොරු පොරොන්දු දීලා මුලා කරලා තිබුනා.ඉතින් කාලෙ ගෙවිලා ගියා. අලිමාමාත් අලියා නාවන් ගියා. බිත්තරෙත් අමතක වෙලා ගියා.

අද හවස ටීවී පෙට්ටිය ඉස්සරහට වෙලා චැනල් රවුන්ඩ් රොබින් කර කර ඉන්නකොට ජාතික වාහිනියේ “නැදුන්ගමුවේ ඇතා“ ගැන ඩොකියුමෙන්ට්‍රියක් යනවා දැකලා මගේ පරණ අලි ආලය මතුවෙලා ඒක බලන්ඩ පටන්ගත්තා. මෙන්න බොලේ නැදුන්ගමුවේ ඇතාගේ ඇත්ගොව්වගේ සහයක ඇත්ගොව්වා කියලා දැකලා පුරුදු ඩයල්එකක් ටීවී එකේ පෙන්නුවෙ නැතැයි. කවුරු කියලද හිතන්නෙ.???
ඔව් ඔව් ඒ මාව අන්දපු අලිමාමා තමා..
ඩයල් එකගෙ නම ජයසේනලු. දැන් දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවෙ ඇතා බලාගන්න සහයක ඇත්ගොව්වා වෙලා. බොහොම රෙස්පෙක්ටබල් ඇතෙක් වෙන නැදුන්ගමුවෙ ඇතා වෙන අලි වගේ ලොරි වලට නඟින්නෙ නැතිලු. ඉතින් නුවරටම පයින් යනවා. මගදිගට සෙනඟත් හොඳට සලකනවා. ඉතින් මගේ අලිමාමා ඩයල් එකත් අලියත් එක්කම කිලෝමීටර් සීයක් පයින් නුවර අදිනවා..


Friday, July 20, 2012

අයි හේට් ලව් ස්ටෝරීස්

එස්බී මාමා නොකඩවා දෙවන අවුරුද්දෙත් ලබාදුන්න ආතල් නිවාඩුවේ පළමු මාස එකහමාර සාර්ථකව නිමා කරන විට හාඩ්ඩිස්කයේ අහුමුළුවල සැඟවීතිබූ සියළුම මාදිලිවල බයිස්කෝප් ඔක්කෝමටික බලලා අහවර කලා... 

ඊට පස්සෙ කරන්නම දෙයක් නැතිකමට ඉන්ටනෙට් එකේ වටයක්දාලා නවකතා පොත් දෙකතුනක් බාගෙන කියවන්ටයි කියලා ගත්තා.. පලවෙනි පොතම භාගයක් විතර කියෝගෙන යනකොට ඒවැඩෙත් අප්පිරියාම වුනා..

වැඩේ කියන්නෙ ඒ පොත්වල ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට හැදෙන්නෙ ලොවෙත් නැති ලෙඩ. එක්කො හදවතේ කුහරයක්, නැත්තං පෙනහළු වල අවුලක්. අනේමන්දා ඒ පොත් වල ඉන්න ඩොක්ටර්ස්ලත් මාරයි. කොහොමින් කොහොමින් හරි ක්ලයිමැක්ස් එකේදි මැරෙන විදිහට ගානට ලෙඩේ සෙට්වෙනවා.

අපිටනං ඉඳලා ඉඳලා හැදුනොත් හැදුනොත් හැදෙන්නෙ බඩේ අජීර්නයක්, පීනස්අමාරුවක්, කුශ්ඨයක්, බෙල්ලෙ ඇමැට්ටියක්.  අඩුම ගානෙ තවත් මිනිහෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් ලෙඩක් හැදෙනවයැ. හෙක් හෙක්.. 

------------------------------------------------------------------------------------------------
පලි: කොහොමද නිකං මෙහෙම දෙබසක් තිබුනොත් එහෙම.......

-මාව අමතක කරන්න රත්තරං..! මේ බඩේ අමාරුව කවදාවත් අපිට ලංවෙන්න ඉඩදෙන එකක්නෑ...
-ඔයාට කොච්චර බඩගියත් මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ මගෙ මැණික...







Friday, July 13, 2012

මෝස්ට් වෝන්ටඩ්

-Mia හොඳ කෙලී නේද බං??

-හ්ම්...

-ඒකි විතරයි බං මං අර සාජන්ට් කාරයට මාට්ටුවෙලා කූරු ගැන ගැන ඉඳලා එලියට එනකොට මාව එක්කයන්න ඇවිත් හිටියෙ..

-හ්ම්, හ්ම්..

-ඊට පස්සෙ මාව SafeHouse එකට එක්ක ගිහින් මට මෙතන වැඩ සිද්ධ වෙන ක්‍රමේ ගැන ඔක්කොම ජාති කියලා දුන්නා බං..

-හ්ම්..

-අර Razorකාරයා ඒකිට ට්‍රයිද කොහෙද බං..

-හ්ම්හ්..

-ෂික්, මගෙ VGA එකට කෙලවුනේ නැත්තං මං වෙලහකටත් ඌට හොඳ පාඩමක් උගන්නලා...

-හ්ම් හ්ම්.. මම නොදන්නවයැ උඹේ වැඩ..

-2GB VGA එකක් කීයක් විතර වෙයිද බං????

Friday, June 29, 2012

මට අදාල මළඉලව් සහ මට අදාල නොවන මළඉලව්

කාලෙකට ඉස්සර මං හිතාගෙන හිටියෙ මගෙ වටේ සිද්ධ වෙන හැම මළඉලව්වක්ම මට අදාලයි කියලා. එහෙම හිතාගෙන හැම මළඉලව්වකට හොම්බ දාන්ඩ ගිහින් සමහර තැන්වලදි හොම්බකට සමතලා කරගන්නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්. ඒත් මං හරකට තේරුන් නෑ මුන් මගේ හොම්බ සමතලා කරන්න හැදුවෙ ඒ මළඉලව් මට අදාල නැති හින්දයි කියන එක.

ඒත් වයස යනකොට තේරුනා මට අදාල මළඉලව් තියෙන්නෙ බොහොම සීමිත සංඛ්‍යාවක් බව. ඒත් තාමත් මට තියෙන අවුල තමා මට අදාල මළඉලව් සහ අදාල නොවන මළඉලව් අතර සීමාව පැහැදිලිව අඳුරගන්න බැරි වීම. ඒ හින්දා මේ දවස්වල මම කරන්නෙ මට අදාල සහ අදාල නොවන සියළුම මළඉලව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා මැක්‍රෝ ස්කෝප් විව් එකෙන් මළඉලව් දිහා බලන එක. එස්.බී මාමාට පින් සිද්ධ වෙන්න ඔය මළඉලව් දිහා ඕන ඕන කෝණ වලින් ඕනතරං වෙලා බලන් ඉන්න මේ දවස් වල නිවාඩු තියෙන නිසා මළඉලව් සෑහෙන ප්‍රමාණයක් කැටගරයිස් කොරගන්න මේ ටිකේදි පුළුවන් වෙයි. කැටගරයිzසේෂන් එක ඉවර කලාට පස්සෙ මට අදාල නොවන මළඉලව්වලට හැකි සෑම වෙලාවකදිම අවධානය යොමු නොකර සිටීමටත් අදාල මළඉලව් වලට පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරන්නටත් හිතාගෙන ඉන්නවා.

මේ බොලොග් කෙරුවාවත් මට අදාල මළඉලව්වක්දැයි කැටගරයිzසේෂන් සමයේදී සිතා බැලීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඒකත් අදාල නොවන මළඉලව් ගොඩට අයත් වීමට ඉඩතියෙනවා.

Wednesday, June 27, 2012

ඊළඟ එක එනකං....

ජාලයම කළඹවා
බාගත් බයිස්කෝප්, ටීවී සීරීස්
අද රෑම බලලා ඉවරයක් කරපල්ලා
ඉවරයිලු ස්ට්‍රයික්....!

Friday, May 18, 2012

අනේ අයියේ එන්නකෝ...! අපෙනුත් ඔලිම්පික් බලන්නකෝ....!

පිටසක්වලයා සෑහෙන කාලෙකට පස්සෙ ගෙදර ඇවිත් දූර්දර්ශන් පෙට්ටිය ඉස්සරහා වාඩිවෙලා රවුන්ඩ් රොබින් ඇල්ගොරිදම් එකෙන් චැනල් මාරු කර කර බලන්ට දෙයක් හොය හොය ඉන්න කොට දත් හිරිවැටෙන සීතල යුද්ධයක් සැලලිහිනි චැනල් එකයි, ත්‍රිකෝණ චැනල් එකයි අතරෙ තියෙනවා දැක්කා...

කස්ටියක් කියනවා ඒගොල්ලන්ටලු පරම අයිතිය තියෙන්නෙ.. අනිත් කස්ටිය කියනවා ඒ ගොල්ලොලු එක්ස්ක්ලූසිව් බ්‍රෝඩ්කාස්ටර්ලා...

පිටසක්වලයනං කියන්නෙ ඔය එලෝ කෝටියක් තියෙන චැනල් හැම එකකටම ඔය අයිතිය දෙන්න කියලා... මෙලෝ රහක් නැති මෙගා නාට්‍ය පෙන්න පෙන්න ඉන්නවට වඩා ඔලිම්පික්වත් පෙන්නන එක හොඳයිනේ...!

Saturday, May 5, 2012

ප්‍රීති වෙසක්..!

බෙලිමල් කිරිකෝපි ඉඳහිට   මයියොක්කා
කොත්තමල්ලි බිව්වා හකුරුත්        එක්කා
අයිස්ක්‍රීම් පෝලිමෙ හිටි සුදු            අක්කා
තොරණගාවදිත් ඉන්නවා මං         දැක්කා

කැරකෙන කූඩු වට එල්ලූ පොඩි            කූඩූ
බලනට ඇවිත් හිටියා මරු මරු           ජෝඩූ
නොම්බරෙ ලියූ තෙල බනුවේ පොඩි  තුණ්ඩූ
කෙල්ලන් හට බෙදයි දන්සල ලඟ       බන්දු

ලෑන්ඩ් මාස්ටර් ත්‍රීවීලර්                අස්සේ
ඩිමෝ බට්ටො වල කච කච හඬ මැද්දේ
විසෘත පවුල් නැගිලා සයිකල්      මත්තේ
සිරි නරඹමින් යයි මංමාවත්        ඔස්සේ

Thursday, May 3, 2012

අනාගතේ දවසක...

පුතේ උඹලගෙ සීයා කොල්ලා කාලෙ තිබ්බා facebook කියලා එකක්... උඹලගෙ සීයත් ෂෝක් ෂෝක් ඉස්ටේටස් අප්ඩේට්ස් එහෙම දාලා බොහොම ජොලියෙන් හිටියා... පස්සෙ ඒක අයිතිකාර සකර්බර්ග් කියන මහතැන් ඒකට share කියලා බටන් එකක් දැම්මට පස්සෙ මිනිස්සු එකම ගොන් පෝස්ට් එක හතර වටේට share කොරන්න ගත්තා.. ඒක හින්දම උඹලගෙ සීයට ඔය facebook කියන එක එපාවුනා... හොහ් හොහ් හොහ්

ඊට පස්සෙ තමයි උඹලගෙ සීයා බොලොග් ලියන්ට ගත්තෙ...

Monday, April 23, 2012

සමරු...!

හ්ම්.. Autograph එකක් නේද..? ඔව්වා මොනවද මට.. වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කිව්වලු.. දෙන්නං තනි ඇහැට නෙමෙයි, දොරටු නමෙන්ම කඳුළු පනින්න..

මුලින්ම හොයමු බලන්ඩ හිස් පිටුවක්.. එක පිටුවක්නං මදි වෙයි.. මොකද මගෙ අදහස් ගඟ ගලන්ට ගත්තහම ආයෙ නවත්තන්න පුළුවන් එකක්යැ.. මේ තියෙන්නෙ හොඳ පොට් එකක්... රා..යිට් මෙතන හොඳයි..

හරි දැන් කොහොමද පටන් ගන්නෙ..ලිවුමක් වගේද.. නෑ නෑ එහෙම හරියන්නෑ.. බලමු අනිත් එවුන් කොහොමද ලියලා තියෙන්නෙ කියලා.. හැම එකාම මොකක් හරි ගොන් පාට් එකකින් තමා පටන් අරන් තියෙන්නෙ.. ”අපි මුලින්ම හම්බෙච්ච හැටි..” ඒක හොඳයි පටන් ගන්න..

චැහ්.. කවද්ද මං මේකිව මුලින්ම හම්බුනේ... මතක් කරමු බලන්ඩ.. ම්හු.. මතක නෑ නොවැ බොල... හොඳට මතක් කරපං බලන්ඩ.. බස් එකේදිද, කෝච්චියෙදිද, නාන ළිඳ ළඟදිද, තැපැල් කන්තෝරුවෙදිද, විංකලේදිද..? මොන මඟුලෙදිද මේකිව මට මුලින්ම හම්බුනේ..? හික්ස්.. කවද්ද ඒකිව අන්තිමට හම්බුනේ.. ඒකවත් මතක නෑනෙවැ ඕයි... හරියන්නෑ හරියන්නෑ.. ඒ වැඩේ හරියන්නෑ..

හරි කොහොම හරි පටන් ගත්තා කියපංකො.. මොනවද ඊට පස්සෙ ලියන්නෙ.. යකෝ මම හිතං හිටියෙ තුනේ දෙකේ සීට් බස් එකක හිටගෙන යනවට වඩා අමාරු වැඩක් මේ ලෝකෙ නෑ කියලා... බලාගෙන ගියහම කෙල්ලෙක්ගෙ ඔටෝ එකක් ලියනවා කියන්නෙ ඊටත් අමාරු වැඩක් නොවැ.. මේ වැඩේ හරියන්නෑ..

ආවා ටිකිරි මොලේට “මැග්නිපිසන්ට්” වර්ගයේ අදහසක්.. ගූගල් දෙයියන්ගෙන් අහනවා... උන්නාන්සෙ මට පිහිට වෙයි..
“Friendship quotes” -> Search

ප.ලි.: මේදිනවල පිටසක්වලයගේ ගජයෙක් මුහුනපා සිටින බරපතල අර්බුදයක් ඇසුරෙන් ගොඩනඟන ලද මන:කල්පිත මෙව්වා එකකි.. :D

Monday, April 9, 2012

බලන්නකො මල්ලි.


පිටසක්වලයගෙ ගෙදර තියෙන්නෙ හන්දිය කිට්ටුව නිසා ගමේ උඩහ පැ‍ත්තෙ මිනිස්සු බස්‍එකට නඟින්න බයිසිකල් වල ඇවිත් බයිසිකල් පිටසක්වලයගෙ ගෙදර පිටිපස්සෙ මඬුවට දාලායන සිරිතක් අනාදිමත් කාලෙක ඉඳන් පැවතෙනවා. උන් හුඟක් දෙනෙක් හන්දියෙන් එහාට බයිසික‍ල් පදින්නෙ නෑ. මොකද කස්ටියට ලයිසන් නෑ.
ඔන්න අවුරුදු නිවාඩුවට ගෙදර ආපු පිටසක්වලයා අද උදේ ගෙදර ඉස්සරහා පඩිය උඩට වෙලා ගිරම්පට්ටං ගහගෙන පාරෙ උදේට පන්ති යන කෙල්ලො ගැන ගැන හිටියා.. එතකොටම ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් මෝටර් සයිකලයක නැඟගත්ත බුවෙකේ පිටසක්වලයටත් හිනාවක් දාගෙන මඩුව පැත්තට ගියා.  මෙන්න ටිකවෙලාවකට පස්සෙ ඒ බුවා ආපහු බයිසිකලේම ආපහු එනවා දැක්ක පිටසක්වලයා ප්‍රශ්නාර්ථයක් මූණෙ ඇඳගෙන ඌ දිහා බැලුවා..
-“බලන්නකො මල්ලි, දැන් ඉතින් ආපහු ගෙදර යන්න වෙනවනේ..”
පිටසක්වලයා ප්‍රශ්ණාර්තෙ මූනෙ තියාගෙනම ඇහුවා.. “මොකෝ අයියෙ සීන් එක”
-“බලන්නකො මල්ලි බයිසිකලේ නවත්තන්න හදනකොටනෙ දැක්කෙ බයිසිකලේ යතුර ගෙනත් නෑ කියලා..”
ඉතින් හත්ඉලව්වෙ යතුර නැතුව කොහොමද ස්ටාට් කලේ කියලා පිටසක්වලයට අහන්න හිතුනත් අපේ ගමේ එවුන්ගෙ බයිසිකල් ගැන දන්න හින්දා කට පියන් හිටියා..
පිටසක්වලයගෙ ගමේ බුවාල ගාව තියෙන්නෙ ජපානෙන් එවපු බයිසිකල්වල කීප සැරයක්ම මොඩිෆයි කරපු වර්ශන්.. ඒවා ස්ටාට් කරන්න වගේම නවත්න ගන්නත් බයිසිකලෙන් බයිසිලේට ආවේනික වත්පිලිවෙත් ගනනාවක්ම කරන්න ඕන.. සයිඩ් කප් එක ගලවලා වයර් දෙකක් එකට ෂෝට් කරලා පල්ලමකට අල්ලලා ටිකදුරක් තල්ලු කරලා ස්ටාට් කරගන්න බයිසිකලේ නවත්න ගන්නත් තවත් ඒවගේම වත්පිලිවෙත් කිහිපයක් කරන්න ඕන.. හැබැයි ඉතින් ඒවට අමුතුවෙන් සිකියුරිටි සිස්ටම් ඕනෙ නෑ..
හොන්ඩා කම්පැනියෙ එවුන් මේවා දන්නවනං නොමිලේ බයිසිකල් කන්යට්නරයක් මෙහාට එවනවා.. දුක හිතිලා...

Friday, April 6, 2012

අයි. පී. ඇල්.

යෝකර් ලෙන්ත් එකටම වැටුන,
ඩොලර්මිටියකින්,
බිඳීගියා, මැද ඉන්නම...

Friday, March 23, 2012

ඔබ ආයෙමත් ඇවිදින්...!

පොඩි කාලෙ ඉඳන්ම හැමදාකම මගේ හෙවනැල්ලක් වගේ මාත් එක්කම හිටපු දෙයක් තියෙනවා.. ඒ තමයි හෙම්බිරිස්සාව.. හැම උදේකම සුන්දර කිඹුහුම් කිහිපයකින් මාව අවදි කරමින් දවස පුරාම මාත් එක්ක මම යන යන තැන් වල ගිහින් හැන්දෑවට ඇවිත් නාගත්තහම ආයෙ ඩබල් ත්‍රිබල් වෙලා මාව වෙලාගන්න හෙම්බිරිස්සාවත් මමත් අතර තියෙන්නෙ පුදුමාකාර ආත්මගත බැඳීමක්.. මගේ ඇඟේ ලේ නහරයක් නහරයක් පාසා සෙම තියෙනවා කියලා මාව බලපු දොස්තරලා උනත් කියලා තියෙනවා..
ඒත් ටික දවසකට මගෙන් ඈත් වෙලා හිටපු මගේම හෙම්බිරිස්සාව අද උදේ ඉඳන් ආයෙත් ඇවිත්.. දැන් ඉතින් අපි දෙන්නට ආයෙත් ලේන්සු ඉරෙනකං කිඹුහුම් අරින්න පුළුවන්...

ප.ලි. හෙම්බිරිස්සාව තද උනහම මේවගේ විකාර ලියවෙනවා... පිරිටන් පෙත්තක් බීලා නිදාගන්න ඕනෙ..

Sunday, March 18, 2012

අපි ඈතට ඈතට පා නගලා

එනවද මාත් එකක් ගමනක් යන්න
Straight cable එකකින් switch එකකට ගිහින්
Default gateway එකෙන් පිටවෙලා
Router එකකින් පාර අහගෙන
අපි යමු DNS server එකකට

මිනිහා අපිට උදව් කරයි
අපි හොයන
IP address එක හොයාගන්න

Friday, March 9, 2012

හෙට නිවාඩූ...

දැත් යුග          විදා
මුළු ඇඳම        බදා
මදුරු දැල    නොදා
ගනිමි මම        නිදා

Saturday, March 3, 2012

මට තේරෙන හැටියට...

දස්කොන් මෝඩයෙකි.. (අතන මෙතන තියෙන ලප ගැන කියවන්ඩ ගිහින් නිකං මැරුම් කෑවා)
සාලිය බූරුවෙකි.. (රජකම ගත්තට පස්සෙ ෂේප් එකේ අශෝකමාලාව උස්සන්ඩ තිබුනනේ)
ෂා ජහාන් බොරු ෂෝකාරයෙකි.. (රටේ මිනිස්සුන්ගෙ සල්ලි වියදං කරලා නිකං බොරුවට ලෝකෙට පේන්ඩ මාලිගා ගහන්නෙ)
දීඝගාමිණී ගැන කථා කරලා වැඩක් නැත.. (අබා උගේ නොවේය)

සිරකරුවෝ මනුෂ්‍යයෝය.. ප්‍රේමවන්තයෝ පිස්සෝය..

Friday, February 24, 2012

කට මහ පුදුම තැනක්...!

දත් කියන්නෙ මාරම මාර දෙයක්..

පොල් පරාලයක් හිරවෙලා තියෙනවා වගේ දැනුනට අන්තිමට බලපුහම පොඩිම පොඩි අඹ කෙන්දක්...!

Thursday, February 23, 2012

කෙසේ කියන්ඩද..?

කෙසේ කියන්නද රෙද්දක් ඇඳගෙන ඔබ ගුණවත් කියලා....
මගේ මුවින් මම ලොවට කියා ඇත, ඔබ බඩුවක් කියලා....!

Saturday, February 18, 2012

සෝනු නිගම්ටත් බෝම්බයක් ගහමුද?

මේ දවස්වල රටේ තියෙන සිංහල බෞද්ධ ප්‍රබෝදයත් එක්ක සෝනු නිගම් වගේ පරදේසක්කාරයෙක්ට අපේ මේ සිංහල බෞද්ධ රටේ ඇවිල්ලා සින්දු කියලා යන්න දෙන එක අපේ අයියලට නිකං මදි කමක් වගේ දැනිලා නැත්ද දන්නෑ..

Saturday, February 4, 2012

මා ඔබගේ කුස...! මා ඔබගේ කුස...!

පිටසක්වලයා මාස ගානකට පස්සෙ hall එකක චිත්‍රපටියක් බැළුවා. ඇත්තටම අද තමයි ජීවිතේ ප්‍රථම වතාවට HOUSE FULL වෙච්ච hall එකක චිත්‍රපටියක් බැලුවෙ. මෙච්චර කාලෙකට බලපු කිසිම ෆිල්ම් එකකදි හෝල් එකෙන් භාගයක්වත් පිරෙන්න සෙනඟ ඉන්නවා පිටසක්වලයා දැකලා නෑ. බැලුව ෆිල්ම් එක තමයි "කුස පබා".

ඇත්තටම කුසපබා හොඳ ෆිල්ම් එකක්. කථාව තියෙන්නෙ නං දඹදිව "ඔක්කාර රජතුමාගෙ" (ඒ වගේ ඇහුනෙ) පුතා වෙච්ච කුස නොහොත් මේකප් ගුලියක් නහය උඩ සෙට් කරගත් ජැක්සන් ඇන්තනි මහත්තයට දඹදිව ප්‍රාන්ත පුරයක් වෙච්ච සාගරපුරේ රජ්ජුරුවන්ගෙ (ඒ කිව්වෙ නිකන් පලාත් සභාවක මහ ඇමති වගේ පෝස්ට් එකක් මම හිතන්නෙ) දූ කුමරිය වුන පබාවති කුමාරි නොහොත් අපේ පූජා උමාශංකර් අක්කව සෙට් කරන්න කරපු පොඩි ජිල්මාට් වැඩක් ගැන. කථාව බාගයක් දුර ගියහම ටිකක් කම්මැලි ගතියක් දැනුනත් ඒක එච්චරම අවුලක් නෙමෙයි.

ෆිල්ම් එකේ වේෂ නිරූපනයයි පසුතල නිර්මානයයි ඇත්තටම ගොඩක් හොඳයි. හොඳ ලොකේෂන් සෙට් එකකුත් මේකට තෝරගෙන තිබ්බා. ඇඳුම් නිර්මානය කරත්දිත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. කතාවෙ හැටියට තියෙන්න ඕන ඉන්දියාවෙ පරිසරය ඇඳුම් පැලඳුම් හැම දෙයක්ම වගේ ගලපලා අරගෙන තිබුනා.

කොහොම හරි අර අන්තිම සීන් එකේදි වදක භූමියට විතරක් වැටෙන මැජික් වැස්ස වගේ පොඩි පොඩි අප්සෙට් වැඩ කිහිපෙකුත් තිබුනා. සින්දුවලදියි, තව තැන් කිහිපයකයි විතරක් DTS වලින් පොඩි ත්‍රිලකුත් දීලා තිබුනා. ඒත් ඉතින් සමස්ථයක් විදිහට හොඳයි.

හැබැයි මටනං ෆිල්ම් එකටත් වඩා හිතට ඇල්ලුවෙ මට එහාපැත්තෙ සීට් එකේ හිටපු ස්කූටිපෙප් එකේ නැඟලා අහක බලං යන්ඩ ගිය චූටි නංගියා...

Friday, January 27, 2012

අහසින් වැටුන කවියක්

සඳ පළුවක් සහ තනි තරුවක්...
විරසකව බලාසිටී දෙපසක්...
සඳ කිසිදා නොඇසූ කවියක්...
තරුව මුමුණයි තවමත්...


ප.ලි.: අම්මට සිරි, මමත් ලියලා කවියක්...

(පුළුවන් වැඩක් කරන් හිටපන් පිටසක්වලයෝ...)

Thursday, January 26, 2012

නැන්දම්මා වෙනුවෙන්...!

අම්මට සිරි... මිසිස් පෙරේරා...
නැන්දම්මගෙ පස්සෙන් මාර සෙට් එකක් ඇවිල්ලනෙ..!
 
නැන්දම්මගෙ මංගල්ලෙට ප්‍රශ්ණයක් වෙයිද?