Friday, September 21, 2012

Sunday, August 5, 2012

අලිමාමා

මම පොඩිකාලෙ ඉඳන්ම ආසම සතා තමයි අලියා. උගේ රෙස්පෙක්ටබල් ලයිෆ්ස්ටයිල් එකටයි දඩාර් සයිස් හුරතල් ලුක් එකටයි මං සෑහෙන්ඩ ආසයි. අපි පොඩි කාලෙ අපේ ගෙවල් පැත්තෙ කීප පොලකම හීලෑ අලි හිටියා. ඔහොම එහෙමෙහෙ කරග්ගහන අලි නාවන පොට් එකකුත් අපේ ගෙවල් පල්ලෙහා තිබුනා.

ඔය පොට් එකට අලියෙකුත් එක්කගෙන එන බොහොම ෆෙරෙන්ඩ්ලි අලිමාමා කෙනෙකුත් හිටියා. ඩයල් එක පොඩි ළමයිත් එක්ක මාර එකතුයි. අලියා යන එන පාරෙ අයිනට වෙලා බලාගෙන ඉන්න පොඩි එවුන්ට මොකක්හරි කෝචොක් එකක් කරගෙන යන එක ඩයල් එකේ සිරිතක් වෙලා තිබුනා. ඉතින් ඔය අලිමාමාගේ කෝචොක් එකට භාජනය වෙන පොඩි එවුන් සෙට් එකේ එක් පොඩි එකෙක් තමයි මේ මමතුමා.

අලිමාමා ඩයල් එක දවසක් මට පොරොන්දු උනා මට අලි බිත්තරයක් ගෙනත්දෙනවා කියලා. අලියා වනාහි ක්‍ෂීරපායී සත්වයෙක් කියන එක දැනං නොහිටපු මමතුමාත් ඉතින් අලි බිත්තරේ ගෙනත් දුන්නහම ඒක රැකලා පොඩි අලි පැටියෙක් එහෙම හදාගෙන ඌගෙ පිටේ නැඟලා ඩයල් එක වගේ ඉස්කෝලෙ යනහැටි එහෙම චිත්තරූප මවාගෙන හිටියා. පස්සෙ බැලින්නං මේ අලිමාමා ඩයල්එක මට විතරක් නෙමෙයි අපේ පැත්තෙ තවත් පොඩි එවුන් සෙට් එකක්ම මේ ආකාරයට බොරු පොරොන්දු දීලා මුලා කරලා තිබුනා.ඉතින් කාලෙ ගෙවිලා ගියා. අලිමාමාත් අලියා නාවන් ගියා. බිත්තරෙත් අමතක වෙලා ගියා.

අද හවස ටීවී පෙට්ටිය ඉස්සරහට වෙලා චැනල් රවුන්ඩ් රොබින් කර කර ඉන්නකොට ජාතික වාහිනියේ “නැදුන්ගමුවේ ඇතා“ ගැන ඩොකියුමෙන්ට්‍රියක් යනවා දැකලා මගේ පරණ අලි ආලය මතුවෙලා ඒක බලන්ඩ පටන්ගත්තා. මෙන්න බොලේ නැදුන්ගමුවේ ඇතාගේ ඇත්ගොව්වගේ සහයක ඇත්ගොව්වා කියලා දැකලා පුරුදු ඩයල්එකක් ටීවී එකේ පෙන්නුවෙ නැතැයි. කවුරු කියලද හිතන්නෙ.???
ඔව් ඔව් ඒ මාව අන්දපු අලිමාමා තමා..
ඩයල් එකගෙ නම ජයසේනලු. දැන් දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවෙ ඇතා බලාගන්න සහයක ඇත්ගොව්වා වෙලා. බොහොම රෙස්පෙක්ටබල් ඇතෙක් වෙන නැදුන්ගමුවෙ ඇතා වෙන අලි වගේ ලොරි වලට නඟින්නෙ නැතිලු. ඉතින් නුවරටම පයින් යනවා. මගදිගට සෙනඟත් හොඳට සලකනවා. ඉතින් මගේ අලිමාමා ඩයල් එකත් අලියත් එක්කම කිලෝමීටර් සීයක් පයින් නුවර අදිනවා..


Friday, July 20, 2012

අයි හේට් ලව් ස්ටෝරීස්

එස්බී මාමා නොකඩවා දෙවන අවුරුද්දෙත් ලබාදුන්න ආතල් නිවාඩුවේ පළමු මාස එකහමාර සාර්ථකව නිමා කරන විට හාඩ්ඩිස්කයේ අහුමුළුවල සැඟවීතිබූ සියළුම මාදිලිවල බයිස්කෝප් ඔක්කෝමටික බලලා අහවර කලා... 

ඊට පස්සෙ කරන්නම දෙයක් නැතිකමට ඉන්ටනෙට් එකේ වටයක්දාලා නවකතා පොත් දෙකතුනක් බාගෙන කියවන්ටයි කියලා ගත්තා.. පලවෙනි පොතම භාගයක් විතර කියෝගෙන යනකොට ඒවැඩෙත් අප්පිරියාම වුනා..

වැඩේ කියන්නෙ ඒ පොත්වල ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට හැදෙන්නෙ ලොවෙත් නැති ලෙඩ. එක්කො හදවතේ කුහරයක්, නැත්තං පෙනහළු වල අවුලක්. අනේමන්දා ඒ පොත් වල ඉන්න ඩොක්ටර්ස්ලත් මාරයි. කොහොමින් කොහොමින් හරි ක්ලයිමැක්ස් එකේදි මැරෙන විදිහට ගානට ලෙඩේ සෙට්වෙනවා.

අපිටනං ඉඳලා ඉඳලා හැදුනොත් හැදුනොත් හැදෙන්නෙ බඩේ අජීර්නයක්, පීනස්අමාරුවක්, කුශ්ඨයක්, බෙල්ලෙ ඇමැට්ටියක්.  අඩුම ගානෙ තවත් මිනිහෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් ලෙඩක් හැදෙනවයැ. හෙක් හෙක්.. 

------------------------------------------------------------------------------------------------
පලි: කොහොමද නිකං මෙහෙම දෙබසක් තිබුනොත් එහෙම.......

-මාව අමතක කරන්න රත්තරං..! මේ බඩේ අමාරුව කවදාවත් අපිට ලංවෙන්න ඉඩදෙන එකක්නෑ...
-ඔයාට කොච්චර බඩගියත් මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ මගෙ මැණික...







Friday, July 13, 2012

මෝස්ට් වෝන්ටඩ්

-Mia හොඳ කෙලී නේද බං??

-හ්ම්...

-ඒකි විතරයි බං මං අර සාජන්ට් කාරයට මාට්ටුවෙලා කූරු ගැන ගැන ඉඳලා එලියට එනකොට මාව එක්කයන්න ඇවිත් හිටියෙ..

-හ්ම්, හ්ම්..

-ඊට පස්සෙ මාව SafeHouse එකට එක්ක ගිහින් මට මෙතන වැඩ සිද්ධ වෙන ක්‍රමේ ගැන ඔක්කොම ජාති කියලා දුන්නා බං..

-හ්ම්..

-අර Razorකාරයා ඒකිට ට්‍රයිද කොහෙද බං..

-හ්ම්හ්..

-ෂික්, මගෙ VGA එකට කෙලවුනේ නැත්තං මං වෙලහකටත් ඌට හොඳ පාඩමක් උගන්නලා...

-හ්ම් හ්ම්.. මම නොදන්නවයැ උඹේ වැඩ..

-2GB VGA එකක් කීයක් විතර වෙයිද බං????

Friday, June 29, 2012

මට අදාල මළඉලව් සහ මට අදාල නොවන මළඉලව්

කාලෙකට ඉස්සර මං හිතාගෙන හිටියෙ මගෙ වටේ සිද්ධ වෙන හැම මළඉලව්වක්ම මට අදාලයි කියලා. එහෙම හිතාගෙන හැම මළඉලව්වකට හොම්බ දාන්ඩ ගිහින් සමහර තැන්වලදි හොම්බකට සමතලා කරගන්නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්. ඒත් මං හරකට තේරුන් නෑ මුන් මගේ හොම්බ සමතලා කරන්න හැදුවෙ ඒ මළඉලව් මට අදාල නැති හින්දයි කියන එක.

ඒත් වයස යනකොට තේරුනා මට අදාල මළඉලව් තියෙන්නෙ බොහොම සීමිත සංඛ්‍යාවක් බව. ඒත් තාමත් මට තියෙන අවුල තමා මට අදාල මළඉලව් සහ අදාල නොවන මළඉලව් අතර සීමාව පැහැදිලිව අඳුරගන්න බැරි වීම. ඒ හින්දා මේ දවස්වල මම කරන්නෙ මට අදාල සහ අදාල නොවන සියළුම මළඉලව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා මැක්‍රෝ ස්කෝප් විව් එකෙන් මළඉලව් දිහා බලන එක. එස්.බී මාමාට පින් සිද්ධ වෙන්න ඔය මළඉලව් දිහා ඕන ඕන කෝණ වලින් ඕනතරං වෙලා බලන් ඉන්න මේ දවස් වල නිවාඩු තියෙන නිසා මළඉලව් සෑහෙන ප්‍රමාණයක් කැටගරයිස් කොරගන්න මේ ටිකේදි පුළුවන් වෙයි. කැටගරයිzසේෂන් එක ඉවර කලාට පස්සෙ මට අදාල නොවන මළඉලව්වලට හැකි සෑම වෙලාවකදිම අවධානය යොමු නොකර සිටීමටත් අදාල මළඉලව් වලට පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරන්නටත් හිතාගෙන ඉන්නවා.

මේ බොලොග් කෙරුවාවත් මට අදාල මළඉලව්වක්දැයි කැටගරයිzසේෂන් සමයේදී සිතා බැලීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඒකත් අදාල නොවන මළඉලව් ගොඩට අයත් වීමට ඉඩතියෙනවා.

Wednesday, June 27, 2012

ඊළඟ එක එනකං....

ජාලයම කළඹවා
බාගත් බයිස්කෝප්, ටීවී සීරීස්
අද රෑම බලලා ඉවරයක් කරපල්ලා
ඉවරයිලු ස්ට්‍රයික්....!

Friday, May 18, 2012

අනේ අයියේ එන්නකෝ...! අපෙනුත් ඔලිම්පික් බලන්නකෝ....!

පිටසක්වලයා සෑහෙන කාලෙකට පස්සෙ ගෙදර ඇවිත් දූර්දර්ශන් පෙට්ටිය ඉස්සරහා වාඩිවෙලා රවුන්ඩ් රොබින් ඇල්ගොරිදම් එකෙන් චැනල් මාරු කර කර බලන්ට දෙයක් හොය හොය ඉන්න කොට දත් හිරිවැටෙන සීතල යුද්ධයක් සැලලිහිනි චැනල් එකයි, ත්‍රිකෝණ චැනල් එකයි අතරෙ තියෙනවා දැක්කා...

කස්ටියක් කියනවා ඒගොල්ලන්ටලු පරම අයිතිය තියෙන්නෙ.. අනිත් කස්ටිය කියනවා ඒ ගොල්ලොලු එක්ස්ක්ලූසිව් බ්‍රෝඩ්කාස්ටර්ලා...

පිටසක්වලයනං කියන්නෙ ඔය එලෝ කෝටියක් තියෙන චැනල් හැම එකකටම ඔය අයිතිය දෙන්න කියලා... මෙලෝ රහක් නැති මෙගා නාට්‍ය පෙන්න පෙන්න ඉන්නවට වඩා ඔලිම්පික්වත් පෙන්නන එක හොඳයිනේ...!