බෙලිමල් කිරිකෝපි ඉඳහිට මයියොක්කා
කොත්තමල්ලි බිව්වා හකුරුත් එක්කා
අයිස්ක්‍රීම් පෝලිමෙ හිටි සුදු අක්කා
තොරණගාවදිත් ඉන්නවා මං දැක්කා
කැරකෙන කූඩු වට එල්ලූ පොඩි කූඩූ
බලනට ඇවිත් හිටියා මරු මරු ජෝඩූ
නොම්බරෙ ලියූ තෙල බනුවේ පොඩි තුණ්ඩූ
කෙල්ලන් හට බෙදයි දන්සල ලඟ බන්දු
ලෑන්ඩ් මාස්ටර් ත්‍රීවීලර් අස්සේ
ඩිමෝ බට්ටො වල කච කච හඬ මැද්දේ
විසෘත පවුල් නැගිලා සයිකල් මත්තේ
සිරි නරඹමින් යයි මංමාවත් ඔස්සේ
No comments:
Post a Comment