Showing posts with label හෙම්බිරිස්සාව. Show all posts
Showing posts with label හෙම්බිරිස්සාව. Show all posts

Friday, March 23, 2012

ඔබ ආයෙමත් ඇවිදින්...!

පොඩි කාලෙ ඉඳන්ම හැමදාකම මගේ හෙවනැල්ලක් වගේ මාත් එක්කම හිටපු දෙයක් තියෙනවා.. ඒ තමයි හෙම්බිරිස්සාව.. හැම උදේකම සුන්දර කිඹුහුම් කිහිපයකින් මාව අවදි කරමින් දවස පුරාම මාත් එක්ක මම යන යන තැන් වල ගිහින් හැන්දෑවට ඇවිත් නාගත්තහම ආයෙ ඩබල් ත්‍රිබල් වෙලා මාව වෙලාගන්න හෙම්බිරිස්සාවත් මමත් අතර තියෙන්නෙ පුදුමාකාර ආත්මගත බැඳීමක්.. මගේ ඇඟේ ලේ නහරයක් නහරයක් පාසා සෙම තියෙනවා කියලා මාව බලපු දොස්තරලා උනත් කියලා තියෙනවා..
ඒත් ටික දවසකට මගෙන් ඈත් වෙලා හිටපු මගේම හෙම්බිරිස්සාව අද උදේ ඉඳන් ආයෙත් ඇවිත්.. දැන් ඉතින් අපි දෙන්නට ආයෙත් ලේන්සු ඉරෙනකං කිඹුහුම් අරින්න පුළුවන්...

ප.ලි. හෙම්බිරිස්සාව තද උනහම මේවගේ විකාර ලියවෙනවා... පිරිටන් පෙත්තක් බීලා නිදාගන්න ඕනෙ..