Showing posts with label Autographs. Show all posts
Showing posts with label Autographs. Show all posts

Monday, April 23, 2012

සමරු...!

හ්ම්.. Autograph එකක් නේද..? ඔව්වා මොනවද මට.. වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කිව්වලු.. දෙන්නං තනි ඇහැට නෙමෙයි, දොරටු නමෙන්ම කඳුළු පනින්න..

මුලින්ම හොයමු බලන්ඩ හිස් පිටුවක්.. එක පිටුවක්නං මදි වෙයි.. මොකද මගෙ අදහස් ගඟ ගලන්ට ගත්තහම ආයෙ නවත්තන්න පුළුවන් එකක්යැ.. මේ තියෙන්නෙ හොඳ පොට් එකක්... රා..යිට් මෙතන හොඳයි..

හරි දැන් කොහොමද පටන් ගන්නෙ..ලිවුමක් වගේද.. නෑ නෑ එහෙම හරියන්නෑ.. බලමු අනිත් එවුන් කොහොමද ලියලා තියෙන්නෙ කියලා.. හැම එකාම මොකක් හරි ගොන් පාට් එකකින් තමා පටන් අරන් තියෙන්නෙ.. ”අපි මුලින්ම හම්බෙච්ච හැටි..” ඒක හොඳයි පටන් ගන්න..

චැහ්.. කවද්ද මං මේකිව මුලින්ම හම්බුනේ... මතක් කරමු බලන්ඩ.. ම්හු.. මතක නෑ නොවැ බොල... හොඳට මතක් කරපං බලන්ඩ.. බස් එකේදිද, කෝච්චියෙදිද, නාන ළිඳ ළඟදිද, තැපැල් කන්තෝරුවෙදිද, විංකලේදිද..? මොන මඟුලෙදිද මේකිව මට මුලින්ම හම්බුනේ..? හික්ස්.. කවද්ද ඒකිව අන්තිමට හම්බුනේ.. ඒකවත් මතක නෑනෙවැ ඕයි... හරියන්නෑ හරියන්නෑ.. ඒ වැඩේ හරියන්නෑ..

හරි කොහොම හරි පටන් ගත්තා කියපංකො.. මොනවද ඊට පස්සෙ ලියන්නෙ.. යකෝ මම හිතං හිටියෙ තුනේ දෙකේ සීට් බස් එකක හිටගෙන යනවට වඩා අමාරු වැඩක් මේ ලෝකෙ නෑ කියලා... බලාගෙන ගියහම කෙල්ලෙක්ගෙ ඔටෝ එකක් ලියනවා කියන්නෙ ඊටත් අමාරු වැඩක් නොවැ.. මේ වැඩේ හරියන්නෑ..

ආවා ටිකිරි මොලේට “මැග්නිපිසන්ට්” වර්ගයේ අදහසක්.. ගූගල් දෙයියන්ගෙන් අහනවා... උන්නාන්සෙ මට පිහිට වෙයි..
“Friendship quotes” -> Search

ප.ලි.: මේදිනවල පිටසක්වලයගේ ගජයෙක් මුහුනපා සිටින බරපතල අර්බුදයක් ඇසුරෙන් ගොඩනඟන ලද මන:කල්පිත මෙව්වා එකකි.. :D