Friday, June 29, 2012

මට අදාල මළඉලව් සහ මට අදාල නොවන මළඉලව්

කාලෙකට ඉස්සර මං හිතාගෙන හිටියෙ මගෙ වටේ සිද්ධ වෙන හැම මළඉලව්වක්ම මට අදාලයි කියලා. එහෙම හිතාගෙන හැම මළඉලව්වකට හොම්බ දාන්ඩ ගිහින් සමහර තැන්වලදි හොම්බකට සමතලා කරගන්නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්. ඒත් මං හරකට තේරුන් නෑ මුන් මගේ හොම්බ සමතලා කරන්න හැදුවෙ ඒ මළඉලව් මට අදාල නැති හින්දයි කියන එක.

ඒත් වයස යනකොට තේරුනා මට අදාල මළඉලව් තියෙන්නෙ බොහොම සීමිත සංඛ්‍යාවක් බව. ඒත් තාමත් මට තියෙන අවුල තමා මට අදාල මළඉලව් සහ අදාල නොවන මළඉලව් අතර සීමාව පැහැදිලිව අඳුරගන්න බැරි වීම. ඒ හින්දා මේ දවස්වල මම කරන්නෙ මට අදාල සහ අදාල නොවන සියළුම මළඉලව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා මැක්‍රෝ ස්කෝප් විව් එකෙන් මළඉලව් දිහා බලන එක. එස්.බී මාමාට පින් සිද්ධ වෙන්න ඔය මළඉලව් දිහා ඕන ඕන කෝණ වලින් ඕනතරං වෙලා බලන් ඉන්න මේ දවස් වල නිවාඩු තියෙන නිසා මළඉලව් සෑහෙන ප්‍රමාණයක් කැටගරයිස් කොරගන්න මේ ටිකේදි පුළුවන් වෙයි. කැටගරයිzසේෂන් එක ඉවර කලාට පස්සෙ මට අදාල නොවන මළඉලව්වලට හැකි සෑම වෙලාවකදිම අවධානය යොමු නොකර සිටීමටත් අදාල මළඉලව් වලට පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරන්නටත් හිතාගෙන ඉන්නවා.

මේ බොලොග් කෙරුවාවත් මට අදාල මළඉලව්වක්දැයි කැටගරයිzසේෂන් සමයේදී සිතා බැලීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඒකත් අදාල නොවන මළඉලව් ගොඩට අයත් වීමට ඉඩතියෙනවා.

Wednesday, June 27, 2012

ඊළඟ එක එනකං....

ජාලයම කළඹවා
බාගත් බයිස්කෝප්, ටීවී සීරීස්
අද රෑම බලලා ඉවරයක් කරපල්ලා
ඉවරයිලු ස්ට්‍රයික්....!