Sunday, August 5, 2012

අලිමාමා

මම පොඩිකාලෙ ඉඳන්ම ආසම සතා තමයි අලියා. උගේ රෙස්පෙක්ටබල් ලයිෆ්ස්ටයිල් එකටයි දඩාර් සයිස් හුරතල් ලුක් එකටයි මං සෑහෙන්ඩ ආසයි. අපි පොඩි කාලෙ අපේ ගෙවල් පැත්තෙ කීප පොලකම හීලෑ අලි හිටියා. ඔහොම එහෙමෙහෙ කරග්ගහන අලි නාවන පොට් එකකුත් අපේ ගෙවල් පල්ලෙහා තිබුනා.

ඔය පොට් එකට අලියෙකුත් එක්කගෙන එන බොහොම ෆෙරෙන්ඩ්ලි අලිමාමා කෙනෙකුත් හිටියා. ඩයල් එක පොඩි ළමයිත් එක්ක මාර එකතුයි. අලියා යන එන පාරෙ අයිනට වෙලා බලාගෙන ඉන්න පොඩි එවුන්ට මොකක්හරි කෝචොක් එකක් කරගෙන යන එක ඩයල් එකේ සිරිතක් වෙලා තිබුනා. ඉතින් ඔය අලිමාමාගේ කෝචොක් එකට භාජනය වෙන පොඩි එවුන් සෙට් එකේ එක් පොඩි එකෙක් තමයි මේ මමතුමා.

අලිමාමා ඩයල් එක දවසක් මට පොරොන්දු උනා මට අලි බිත්තරයක් ගෙනත්දෙනවා කියලා. අලියා වනාහි ක්‍ෂීරපායී සත්වයෙක් කියන එක දැනං නොහිටපු මමතුමාත් ඉතින් අලි බිත්තරේ ගෙනත් දුන්නහම ඒක රැකලා පොඩි අලි පැටියෙක් එහෙම හදාගෙන ඌගෙ පිටේ නැඟලා ඩයල් එක වගේ ඉස්කෝලෙ යනහැටි එහෙම චිත්තරූප මවාගෙන හිටියා. පස්සෙ බැලින්නං මේ අලිමාමා ඩයල්එක මට විතරක් නෙමෙයි අපේ පැත්තෙ තවත් පොඩි එවුන් සෙට් එකක්ම මේ ආකාරයට බොරු පොරොන්දු දීලා මුලා කරලා තිබුනා.ඉතින් කාලෙ ගෙවිලා ගියා. අලිමාමාත් අලියා නාවන් ගියා. බිත්තරෙත් අමතක වෙලා ගියා.

අද හවස ටීවී පෙට්ටිය ඉස්සරහට වෙලා චැනල් රවුන්ඩ් රොබින් කර කර ඉන්නකොට ජාතික වාහිනියේ “නැදුන්ගමුවේ ඇතා“ ගැන ඩොකියුමෙන්ට්‍රියක් යනවා දැකලා මගේ පරණ අලි ආලය මතුවෙලා ඒක බලන්ඩ පටන්ගත්තා. මෙන්න බොලේ නැදුන්ගමුවේ ඇතාගේ ඇත්ගොව්වගේ සහයක ඇත්ගොව්වා කියලා දැකලා පුරුදු ඩයල්එකක් ටීවී එකේ පෙන්නුවෙ නැතැයි. කවුරු කියලද හිතන්නෙ.???
ඔව් ඔව් ඒ මාව අන්දපු අලිමාමා තමා..
ඩයල් එකගෙ නම ජයසේනලු. දැන් දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවෙ ඇතා බලාගන්න සහයක ඇත්ගොව්වා වෙලා. බොහොම රෙස්පෙක්ටබල් ඇතෙක් වෙන නැදුන්ගමුවෙ ඇතා වෙන අලි වගේ ලොරි වලට නඟින්නෙ නැතිලු. ඉතින් නුවරටම පයින් යනවා. මගදිගට සෙනඟත් හොඳට සලකනවා. ඉතින් මගේ අලිමාමා ඩයල් එකත් අලියත් එක්කම කිලෝමීටර් සීයක් පයින් නුවර අදිනවා..


4 comments:

  1. :) නියමයි කතාව :)

    ReplyDelete
  2. මමත් ඔය ඩොකියුමන්ටරිය බැලුවා.ඒකෙ ඔය අලි මාමාවත් හොඳට පෙන්නුවා නොවෑ.අර කෙහෙල් කැන් පිටින් කවන හැටි එහෙම.ඔය කිව්වට බිත්තර දාන අලිත් ඇතිබං.කැම්පසුත් වහලනේ.අපි හොයමු.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ යන හැටියටනං අලි බිත්තරේ පැලිලා අලි පැටියා ඇවිත් ඌ ලොකුමහත්‍ වෙනකනුත් අපි කැම්පස් යයි වගේ...!!!
      :D

      Delete