Showing posts with label ගම. Show all posts
Showing posts with label ගම. Show all posts

Monday, April 9, 2012

බලන්නකො මල්ලි.


පිටසක්වලයගෙ ගෙදර තියෙන්නෙ හන්දිය කිට්ටුව නිසා ගමේ උඩහ පැ‍ත්තෙ මිනිස්සු බස්‍එකට නඟින්න බයිසිකල් වල ඇවිත් බයිසිකල් පිටසක්වලයගෙ ගෙදර පිටිපස්සෙ මඬුවට දාලායන සිරිතක් අනාදිමත් කාලෙක ඉඳන් පැවතෙනවා. උන් හුඟක් දෙනෙක් හන්දියෙන් එහාට බයිසික‍ල් පදින්නෙ නෑ. මොකද කස්ටියට ලයිසන් නෑ.
ඔන්න අවුරුදු නිවාඩුවට ගෙදර ආපු පිටසක්වලයා අද උදේ ගෙදර ඉස්සරහා පඩිය උඩට වෙලා ගිරම්පට්ටං ගහගෙන පාරෙ උදේට පන්ති යන කෙල්ලො ගැන ගැන හිටියා.. එතකොටම ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් මෝටර් සයිකලයක නැඟගත්ත බුවෙකේ පිටසක්වලයටත් හිනාවක් දාගෙන මඩුව පැත්තට ගියා.  මෙන්න ටිකවෙලාවකට පස්සෙ ඒ බුවා ආපහු බයිසිකලේම ආපහු එනවා දැක්ක පිටසක්වලයා ප්‍රශ්නාර්ථයක් මූණෙ ඇඳගෙන ඌ දිහා බැලුවා..
-“බලන්නකො මල්ලි, දැන් ඉතින් ආපහු ගෙදර යන්න වෙනවනේ..”
පිටසක්වලයා ප්‍රශ්ණාර්තෙ මූනෙ තියාගෙනම ඇහුවා.. “මොකෝ අයියෙ සීන් එක”
-“බලන්නකො මල්ලි බයිසිකලේ නවත්තන්න හදනකොටනෙ දැක්කෙ බයිසිකලේ යතුර ගෙනත් නෑ කියලා..”
ඉතින් හත්ඉලව්වෙ යතුර නැතුව කොහොමද ස්ටාට් කලේ කියලා පිටසක්වලයට අහන්න හිතුනත් අපේ ගමේ එවුන්ගෙ බයිසිකල් ගැන දන්න හින්දා කට පියන් හිටියා..
පිටසක්වලයගෙ ගමේ බුවාල ගාව තියෙන්නෙ ජපානෙන් එවපු බයිසිකල්වල කීප සැරයක්ම මොඩිෆයි කරපු වර්ශන්.. ඒවා ස්ටාට් කරන්න වගේම නවත්න ගන්නත් බයිසිකලෙන් බයිසිලේට ආවේනික වත්පිලිවෙත් ගනනාවක්ම කරන්න ඕන.. සයිඩ් කප් එක ගලවලා වයර් දෙකක් එකට ෂෝට් කරලා පල්ලමකට අල්ලලා ටිකදුරක් තල්ලු කරලා ස්ටාට් කරගන්න බයිසිකලේ නවත්න ගන්නත් තවත් ඒවගේම වත්පිලිවෙත් කිහිපයක් කරන්න ඕන.. හැබැයි ඉතින් ඒවට අමුතුවෙන් සිකියුරිටි සිස්ටම් ඕනෙ නෑ..
හොන්ඩා කම්පැනියෙ එවුන් මේවා දන්නවනං නොමිලේ බයිසිකල් කන්යට්නරයක් මෙහාට එවනවා.. දුක හිතිලා...