Friday, February 24, 2012

කට මහ පුදුම තැනක්...!

දත් කියන්නෙ මාරම මාර දෙයක්..

පොල් පරාලයක් හිරවෙලා තියෙනවා වගේ දැනුනට අන්තිමට බලපුහම පොඩිම පොඩි අඹ කෙන්දක්...!

Thursday, February 23, 2012

කෙසේ කියන්ඩද..?

කෙසේ කියන්නද රෙද්දක් ඇඳගෙන ඔබ ගුණවත් කියලා....
මගේ මුවින් මම ලොවට කියා ඇත, ඔබ බඩුවක් කියලා....!

Saturday, February 18, 2012

සෝනු නිගම්ටත් බෝම්බයක් ගහමුද?

මේ දවස්වල රටේ තියෙන සිංහල බෞද්ධ ප්‍රබෝදයත් එක්ක සෝනු නිගම් වගේ පරදේසක්කාරයෙක්ට අපේ මේ සිංහල බෞද්ධ රටේ ඇවිල්ලා සින්දු කියලා යන්න දෙන එක අපේ අයියලට නිකං මදි කමක් වගේ දැනිලා නැත්ද දන්නෑ..

Saturday, February 4, 2012

මා ඔබගේ කුස...! මා ඔබගේ කුස...!

පිටසක්වලයා මාස ගානකට පස්සෙ hall එකක චිත්‍රපටියක් බැළුවා. ඇත්තටම අද තමයි ජීවිතේ ප්‍රථම වතාවට HOUSE FULL වෙච්ච hall එකක චිත්‍රපටියක් බැලුවෙ. මෙච්චර කාලෙකට බලපු කිසිම ෆිල්ම් එකකදි හෝල් එකෙන් භාගයක්වත් පිරෙන්න සෙනඟ ඉන්නවා පිටසක්වලයා දැකලා නෑ. බැලුව ෆිල්ම් එක තමයි "කුස පබා".

ඇත්තටම කුසපබා හොඳ ෆිල්ම් එකක්. කථාව තියෙන්නෙ නං දඹදිව "ඔක්කාර රජතුමාගෙ" (ඒ වගේ ඇහුනෙ) පුතා වෙච්ච කුස නොහොත් මේකප් ගුලියක් නහය උඩ සෙට් කරගත් ජැක්සන් ඇන්තනි මහත්තයට දඹදිව ප්‍රාන්ත පුරයක් වෙච්ච සාගරපුරේ රජ්ජුරුවන්ගෙ (ඒ කිව්වෙ නිකන් පලාත් සභාවක මහ ඇමති වගේ පෝස්ට් එකක් මම හිතන්නෙ) දූ කුමරිය වුන පබාවති කුමාරි නොහොත් අපේ පූජා උමාශංකර් අක්කව සෙට් කරන්න කරපු පොඩි ජිල්මාට් වැඩක් ගැන. කථාව බාගයක් දුර ගියහම ටිකක් කම්මැලි ගතියක් දැනුනත් ඒක එච්චරම අවුලක් නෙමෙයි.

ෆිල්ම් එකේ වේෂ නිරූපනයයි පසුතල නිර්මානයයි ඇත්තටම ගොඩක් හොඳයි. හොඳ ලොකේෂන් සෙට් එකකුත් මේකට තෝරගෙන තිබ්බා. ඇඳුම් නිර්මානය කරත්දිත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. කතාවෙ හැටියට තියෙන්න ඕන ඉන්දියාවෙ පරිසරය ඇඳුම් පැලඳුම් හැම දෙයක්ම වගේ ගලපලා අරගෙන තිබුනා.

කොහොම හරි අර අන්තිම සීන් එකේදි වදක භූමියට විතරක් වැටෙන මැජික් වැස්ස වගේ පොඩි පොඩි අප්සෙට් වැඩ කිහිපෙකුත් තිබුනා. සින්දුවලදියි, තව තැන් කිහිපයකයි විතරක් DTS වලින් පොඩි ත්‍රිලකුත් දීලා තිබුනා. ඒත් ඉතින් සමස්ථයක් විදිහට හොඳයි.

හැබැයි මටනං ෆිල්ම් එකටත් වඩා හිතට ඇල්ලුවෙ මට එහාපැත්තෙ සීට් එකේ හිටපු ස්කූටිපෙප් එකේ නැඟලා අහක බලං යන්ඩ ගිය චූටි නංගියා...