Monday, April 23, 2012

සමරු...!

හ්ම්.. Autograph එකක් නේද..? ඔව්වා මොනවද මට.. වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කිව්වලු.. දෙන්නං තනි ඇහැට නෙමෙයි, දොරටු නමෙන්ම කඳුළු පනින්න..

මුලින්ම හොයමු බලන්ඩ හිස් පිටුවක්.. එක පිටුවක්නං මදි වෙයි.. මොකද මගෙ අදහස් ගඟ ගලන්ට ගත්තහම ආයෙ නවත්තන්න පුළුවන් එකක්යැ.. මේ තියෙන්නෙ හොඳ පොට් එකක්... රා..යිට් මෙතන හොඳයි..

හරි දැන් කොහොමද පටන් ගන්නෙ..ලිවුමක් වගේද.. නෑ නෑ එහෙම හරියන්නෑ.. බලමු අනිත් එවුන් කොහොමද ලියලා තියෙන්නෙ කියලා.. හැම එකාම මොකක් හරි ගොන් පාට් එකකින් තමා පටන් අරන් තියෙන්නෙ.. ”අපි මුලින්ම හම්බෙච්ච හැටි..” ඒක හොඳයි පටන් ගන්න..

චැහ්.. කවද්ද මං මේකිව මුලින්ම හම්බුනේ... මතක් කරමු බලන්ඩ.. ම්හු.. මතක නෑ නොවැ බොල... හොඳට මතක් කරපං බලන්ඩ.. බස් එකේදිද, කෝච්චියෙදිද, නාන ළිඳ ළඟදිද, තැපැල් කන්තෝරුවෙදිද, විංකලේදිද..? මොන මඟුලෙදිද මේකිව මට මුලින්ම හම්බුනේ..? හික්ස්.. කවද්ද ඒකිව අන්තිමට හම්බුනේ.. ඒකවත් මතක නෑනෙවැ ඕයි... හරියන්නෑ හරියන්නෑ.. ඒ වැඩේ හරියන්නෑ..

හරි කොහොම හරි පටන් ගත්තා කියපංකො.. මොනවද ඊට පස්සෙ ලියන්නෙ.. යකෝ මම හිතං හිටියෙ තුනේ දෙකේ සීට් බස් එකක හිටගෙන යනවට වඩා අමාරු වැඩක් මේ ලෝකෙ නෑ කියලා... බලාගෙන ගියහම කෙල්ලෙක්ගෙ ඔටෝ එකක් ලියනවා කියන්නෙ ඊටත් අමාරු වැඩක් නොවැ.. මේ වැඩේ හරියන්නෑ..

ආවා ටිකිරි මොලේට “මැග්නිපිසන්ට්” වර්ගයේ අදහසක්.. ගූගල් දෙයියන්ගෙන් අහනවා... උන්නාන්සෙ මට පිහිට වෙයි..
“Friendship quotes” -> Search

ප.ලි.: මේදිනවල පිටසක්වලයගේ ගජයෙක් මුහුනපා සිටින බරපතල අර්බුදයක් ඇසුරෙන් ගොඩනඟන ලද මන:කල්පිත මෙව්වා එකකි.. :D

Monday, April 9, 2012

බලන්නකො මල්ලි.


පිටසක්වලයගෙ ගෙදර තියෙන්නෙ හන්දිය කිට්ටුව නිසා ගමේ උඩහ පැ‍ත්තෙ මිනිස්සු බස්‍එකට නඟින්න බයිසිකල් වල ඇවිත් බයිසිකල් පිටසක්වලයගෙ ගෙදර පිටිපස්සෙ මඬුවට දාලායන සිරිතක් අනාදිමත් කාලෙක ඉඳන් පැවතෙනවා. උන් හුඟක් දෙනෙක් හන්දියෙන් එහාට බයිසික‍ල් පදින්නෙ නෑ. මොකද කස්ටියට ලයිසන් නෑ.
ඔන්න අවුරුදු නිවාඩුවට ගෙදර ආපු පිටසක්වලයා අද උදේ ගෙදර ඉස්සරහා පඩිය උඩට වෙලා ගිරම්පට්ටං ගහගෙන පාරෙ උදේට පන්ති යන කෙල්ලො ගැන ගැන හිටියා.. එතකොටම ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් මෝටර් සයිකලයක නැඟගත්ත බුවෙකේ පිටසක්වලයටත් හිනාවක් දාගෙන මඩුව පැත්තට ගියා.  මෙන්න ටිකවෙලාවකට පස්සෙ ඒ බුවා ආපහු බයිසිකලේම ආපහු එනවා දැක්ක පිටසක්වලයා ප්‍රශ්නාර්ථයක් මූණෙ ඇඳගෙන ඌ දිහා බැලුවා..
-“බලන්නකො මල්ලි, දැන් ඉතින් ආපහු ගෙදර යන්න වෙනවනේ..”
පිටසක්වලයා ප්‍රශ්ණාර්තෙ මූනෙ තියාගෙනම ඇහුවා.. “මොකෝ අයියෙ සීන් එක”
-“බලන්නකො මල්ලි බයිසිකලේ නවත්තන්න හදනකොටනෙ දැක්කෙ බයිසිකලේ යතුර ගෙනත් නෑ කියලා..”
ඉතින් හත්ඉලව්වෙ යතුර නැතුව කොහොමද ස්ටාට් කලේ කියලා පිටසක්වලයට අහන්න හිතුනත් අපේ ගමේ එවුන්ගෙ බයිසිකල් ගැන දන්න හින්දා කට පියන් හිටියා..
පිටසක්වලයගෙ ගමේ බුවාල ගාව තියෙන්නෙ ජපානෙන් එවපු බයිසිකල්වල කීප සැරයක්ම මොඩිෆයි කරපු වර්ශන්.. ඒවා ස්ටාට් කරන්න වගේම නවත්න ගන්නත් බයිසිකලෙන් බයිසිලේට ආවේනික වත්පිලිවෙත් ගනනාවක්ම කරන්න ඕන.. සයිඩ් කප් එක ගලවලා වයර් දෙකක් එකට ෂෝට් කරලා පල්ලමකට අල්ලලා ටිකදුරක් තල්ලු කරලා ස්ටාට් කරගන්න බයිසිකලේ නවත්න ගන්නත් තවත් ඒවගේම වත්පිලිවෙත් කිහිපයක් කරන්න ඕන.. හැබැයි ඉතින් ඒවට අමුතුවෙන් සිකියුරිටි සිස්ටම් ඕනෙ නෑ..
හොන්ඩා කම්පැනියෙ එවුන් මේවා දන්නවනං නොමිලේ බයිසිකල් කන්යට්නරයක් මෙහාට එවනවා.. දුක හිතිලා...

Friday, April 6, 2012

අයි. පී. ඇල්.

යෝකර් ලෙන්ත් එකටම වැටුන,
ඩොලර්මිටියකින්,
බිඳීගියා, මැද ඉන්නම...