Showing posts with label වන් වේ. Show all posts
Showing posts with label වන් වේ. Show all posts

Wednesday, November 9, 2011

ජීවිතය බම්බලපිටියට ඇරලවා රිසිට් එකක් රැගෙන පැමිණියෙමි...

සෑහෙන දවසකින් පිටසක්වලයට පෝස්ට් එකක් දාන්න බැරි වුනේ පහුගිය දවස් ටිකේ පිටසක්වලයගේ ග්‍රහචාරේ අවුලක් හින්දද මන්දා පිටසක්වලයා අතගහන අතගහන විද්‍යුත් උපකරණ පිච්චෙන්න ගත්තු නිසා.. කොහොම හරි අන්තිමට පිටසක්වලයගේ ජීවිතයේ දුකට සැපට හිටිය හිතවතා හෙවත් ලැප් රාජයාගේ කී බෝඩ් එකත් පිච්චුනා... ඉතිං ටයිප් කරන විකාර වෙනුවට වෙන වෙන විකාර ටයිප් වෙන්න ගත්ත නිසා පෝස්ට් එකක් දාන්න ගෙදර එනකම්ම ඉන්න වුනා.. ඉතින් පෙරේදා ලැප් රාජයා හදන්න දාන්න යාළුවෙක් එක්ක බම්බලපිටිය පැත්තෙ ගියවෙලේ පොඩි චාටර් වැඩකුත් වුනා.

ඔන්න පිටසක්වලයා ලැප හදන්න දීලා එළියට බහිනකොට යක්කු දවල්ට ගස් නඟින වෙලාව ඇවිල්ලා. ඒ කිව්වෙ දවල් 12ට විතර ඇති. ඉතින් වටපිට බලලා පාරෙන් එහාපැත්තෙ තිබ්බ මුස්ලිම් කඩයක් දැකලා දෙන්නත් එක්ක රිංඟලා "රයිස්" පාරක් එහෙම දාලා එළියට බැහැලා ආපසු එන්න මොරටුව පැත්තට බස් එකකට නඟින්න ගාලු පාරේ බස්හෝල්ට් එක ගාවට ආවා... එතන අක්කා කෙනෙකුත් බස් එකක් එනකං වගේ බලාගෙන හිටියා. ඉතින් මායි මගේ ගජයයි බස්හෝල්ට් එකේ යකඩ බම්බුවකට හේත්තු වෙලා නිකං පොරවල් දෙකක් වගේ දත්හාර හාර ඔය අනං මනං කියෝ කියෝ හිටියා..

සෑහෙන වෙලාවක් ගියා. අර ලස්සන අක්කත් එතනම හිටියා. බස් එකක් එනපාටක් නෑ. අඩුම ගානෙ 154ක් වත් නෑ.. ඉතින් මමත් ‍කටපියන් ඉන්න බැරුවට "මොකෝ බං මේ බස් නැත්තෙ.." කියලා කිව්වා.. මේක ඇහිච්චහම අර අක්කියා නිකං කින්ඩියට වගේ අපි දිහෑ බලලා හිනාවක් දැම්මා.. එතකොටයි මීටර් වුනේ.. බොලේ දැන් බම්බලපිටියෙන් එහාටත් පාර වන්වේ නොවැ..

අපි දෙන්නත් නිකං අපි නෙමෙයි වගේ ආඳා තියරිය දාලා එතනින් ලෙස්සලා ගිහින් ඩුප්ලිකේෂන් පාරට ගිහින් කළුතර බස් එකක නැඟලා ආපහු ආවා.

ප.ලි. මට තාම හිතා ගන්න බෑ අක්කා බස් හොල්ට් එකේ මොනවද කලේ කියලා..